Blogger Widgets

Search This Blog

Monday, May 25, 2015

                                                            Selfieය ගැන අමුතු කතා

              සෙල්ෆි ජායාරූප කලාව හුගක් ජනප්‍රිය මාතෘකාවක්.Facebook,Twitter,Instergram  යන සමාජ ජාල වල Selfie ජායාරූප ජනප්‍රිය වීමත් සමග මෙම කලාව තවත් ජනප්‍රිය උනා.දීර්ඝ ඉතිහාසයක් සහිත Selfie ජායාරූප කලාවේ අපි නොදත් දෑ බොහොමයක් තිබෙනවා.මේ පෝස්ට් 1කෙන් ඒ සියල්ල දැන ගැනීමට පුළුවන්.☺




  •  ලොව පළමුවැනි සෙල්ෆි ජායාරූපය ගෙන තිබෙන්නේ 1839 වර්ෂයේදීය.ඒ් රොබර්ට් කොර්නේලියස් නම් ජායාරූප ශිල්පියා විසිනි.නමුත් ඔහුට මේ සදහා විශාල කාලයක් ගත වී තිබෙන අතර දැඩි උත්සාහයක්ද දරන්නට සිදු වී තිබේ.පහතින් දැක්වෙන්නේ ඒම ජායාරූපයයි
  • 2013 වසර දක්වාම සෙලිෆ යන වචනය ඔක්ස්ෆඩ් ඩික්ෂනරියට අැතුලත්්ව තිබුනේ නැත.සමාජ ජාල වෙබ් අඩවි හරහා සෙල්ෆි ජායාරූප වැඩි වැඩියෙන් පුචාරය වුවත් ඒ සදහා නිසි අර්ථයක් නැත්තේ ඒබැවිනි.
  • සතුන්ගේ සෙල්ෆි ජායාරූප පවා ලොව පුදුමයට පත් අවස්ථා තිබේ.2011 වසරේදී ඩෙවිස් සලාටර් මෙලෙස වදුරෙකුගේ සෙල්ෆි රුවක් ගැනීමට උත්සාහ කළා.
  • 2014 වසර සෙල්ෆි ජායාරූප ඉමහත් ප්‍රසිද්ධියට පත් කළ වසරක් වුනා.ඒ නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍ය මොහොතේ ජනාධිපති ඔබාමා ගත් ජායාරූපය නිසාය.ඒය ලොව පුරා මිලියන 3.4ක් නරබා තිබූ අතර මිලියන 2ක් ඒයට කැමැත්ත පළ කර තිබෙනවා.(ඔබාමගේ සෙල්ෆිය කලින් ලිපියේ පළ වුණා)ඒක මෙනින් බලන්න පුළුවන්
  • ඒම වසරේදීම සෙල්ෆි ජායාරූප තවත් ජනප්‍රියත්වයට පත් වුණේ අැපල් සමාගම iphone selfie stick උපාංගය හදුන්වා දීමත් සමගය.ඒය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් සහ වටිනාකමක් ඒක් කළ උපාංගයක් වුණා.
  • ලොව පුරා බොහෝ දෙනෙක් විවිධ සෙල්ෆි ජායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරිමින් අන් අයගේ අාකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කළේ ඉන් පසුවයි.
  • අන්තර්ජාලය පුරා සෙල්ෆි ජායාරූප ගැනීමේ කලාව පිළිබදව ගූගල් සොයා බැලීම් ගණනය කිරීමට නොහැකි තරමින් සිදු වී අැත.ඒහිදී ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.
  • අනතර්ජාලය පුරා අැති සමාජ ජාල වෙබ අඩවි පුරා විශේෂයෙන්ම ෆේස්බුක් හරහා සෙල්ෆි ජායාරූප මිනිසුන් අතරට යෑමේ ප්‍රමාණය 48%ක් පමණ වනවා.
  • කිම් කාර්ඩිෂන්ගේ සෙල්ෆි ජායාරූප ලොව වැඩිම පිරිසක් නරබන සෙල්ෆි ජායාරූපය වනවා.  







 ලොව ප්‍රථම සෙලිෆිය.
iphone selfie stick

No comments:

Post a Comment