Blogger Widgets

Search This Blog

Sunday, May 24, 2015

                            මනෝකාය පිළිලිබද ඔබ නොදත් දේ.....
                                  
                                 මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අතහැර යන අාත්මය හෝ මනෝමය කයක් ඒනම් මනෝකායක් පිළිබදව විවිධ මත වාද ඉතා අෑත අතීතයේ සිටම සාර්ශනිකයන් අතර විය.මෙම මනෝකාය පිළිබදව ලෝකයේ පළමු වරට තොරතුරු හෙලි කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි.උන්වහන්සේ මෙය විවිධ සූත්‍ර වලදී පැහැදිලි කොට අැත.උන්වහන්සේ දේශනා කොට අැති අාකාරයට තණ ගසකින් තණ බඩයක් වෙන් වන්නා සේ පුද්ගලයෙකුගෙන් මනෝකාය වෙන් වී යයි.


                                සිත දියුණු කළ අයෙකුට තම භෟතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැක්ය.පුරාණ භාරතීය සෘෂිවරුන් තම මනෝකාය අදහා ගතනොහැකි දුරකට ගෙන ගොස් නැවත තම ශරීරයට තම මනෝකාය අැතුලත් කර ගත් බව සදහන් වේ.මනෝකාය පිළිබදව ඉතා විශ්මය ජනක කතා භාරතීය පැරණි ග්‍රන්ථ වල සදහන් වේ.අැමරිකානු මනෝවෙෙද්‍ය වරියක වූ දොස්තර ඒළිසෙබෙත් කුබ්ලර් විසින් රචිත ON DETH AND DYING ග්‍රන්ථයෙන් රූපකාය ඉවත්ව මනෝකාය අවට සැරිසරා නැවත රූපකායට පිවිසුනු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය.මේ දොස්තර ඒළිසෙබෙත් කුබ්ලර්ය.


                               තවද දොස්තර රෙමන්ඩ් ජී මූඩ් නැමැති අැමරිකානු වෙෙද්‍යවරයා  life aftr deth නමැති ග්‍රන්තයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් අාපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලබූ අත්දැකීම් විශාල ප්‍ර්‍රමාණයක් අැතුලත් කළේය.ඒක් පුද්ගලයෙකු රිය අනතුරකට මුහුණ දී රූප කායෙන් ඉවත්ව මනෝකායෙන් ගත කළ ඒම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් බව මෙම life aftr deth ග්‍රන්ථයෙහි අැතුලත් කොට අැත.පසුව දර්ශන උපාදිය ලද රෙමන්ඩ් මූඩ් අැමරිකාවේ නෝර්ත් කැරොලිිනා විශ්ව විද්‍යාලයේ පීඩෝ නම් ග්‍රන්ථය උගනවමින් සිටින අවසථාවේදී ඒක් ශිශ්‍යයෙක් තමාගේ මිත්තණිය ශල්‍යකර්මයක් කරමින් සිටි අවස්ථාවේදී අැයගේ රූපකායෙන් මනෝකාය ඉවත් වූ අාකාරය පවසා තිබේ.

                              හෘදයාභාදයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රීයක් තම භෟතික ශරීරයෙන් මනෝකාය ඉවත් වූ අකාරය මේසේ විස්තර ක‍‍‍‍‍‍‍‍‍ළාය,
                                 මා රෝහලේ සයනය මත වැතිරී සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් අති උනා.ඒම වේදනාවේන් බේරීමට මම අැදේ අනික් අතට හැරුනා.මගේ අාශ්වාස ප්‍රාස්වාස නැති උනා.මට ඒක හරියට හීනයක් වගේ.මගේ හදවතේ හෘද ස්පන්දනයත් ඒ මොහොතේදීම නැති උනා.ඒවිටදීම හෙදියක් තැති ගැනීමෙන් කෑ ගසනවා මට අැහුනා.ඒවිට ඒක පාරටම මා මග් ශරීරයෙන් ලිස්සා රෝහලේ සිවිලිමේ සිට මගේ ශරීරය දෙස බලා සිටියා.ඉන් පසුව මා අසල සිටි හෙදිය මා මිය ගිය බව පවසනවා මට අැසුනා.ඒක් හෙදියක් මට කෘතීම ස්වසනය දෙන අාකාරය මම ඉහල සිට බලාගෙන සිටියා.ඉන් පසුව ඒ උත්සාහය අසාර්ථක බව වටහා ගත් ඔවුන් මගේ ශරීරයට කෘතීම ස්වසනය ලබා දෙන යන්ත්‍රය සවි කළා.ඒයත් සමගම නැවතත් මා මගේ ශරීරය තුළට විසි වී ගියා.

                                    තවද හදිසි අනතුරක් නිසා තමාගේ භෟතික සිරුරෙන් මනෝකාය භාහිර ලෝකයට පැමිණි දහනව හැවවිරිදි තරුණයකුගේ අත්දැකීම් අාචාර්ය රෙමන්ඩ් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කළේය,
   ඒදා රාත්‍රියේදී මම මිතුරෙකු සමග මෝටර් රථයෙන් ගමන් කරමින් උන්නා.ඒක වරම අප දෙසට වේගයෙන් ඒන ඉදිරිපස ඒළියක් මට දක්නට ලැබුනා.ඒත් සමගම භයානක ශබ්දයක් අැසෙනවාත් සමගම මා කිසියම් බන්දනයකින් ඉවත් වී යනවා මට තේරුනා.ගත උනේ සුළු මොහොතක්.රථයටට අඩි පමණ ඉහළ සිට සිදු වෙන දේ මම බලා සිටියා යැයිද ඔහු පවසා තිබුනි.රථය ඝට්ටනය වූ අාකාරයත් මිනිසුන් රථයේ දොර ගලවා රුධිරයෙන් නෑවුනු මා සහ මගේ මිතුරා බේරා ගන්නා අාකාරය ඔහු පැවසූ අකාරයද මෙහි සදහන් වේ.

                                තවද රූපකායෙන් ඉවත්ව සිටි මිනිසුන් බොහෝ දෙනා සිටියත් අැතැමුන් ඔවුන්ව මානසික ලෙඩුන් ලෙස හදුන්වන නිසා ඔවුන් ඒය ලෝකයාට හෙලි කිරීමේන වැලකී සිටිති.
                                                                           *තොරතුරු පුවත්පතක් අැසුරෙන්
 ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘
                             



                                                                                                                                                         



No comments:

Post a Comment